By Pass නොකර හෘද රෝග සුව කරන්න සිංහල වෙදකමෙන් පුළුවන්
මම මේ
වෙදකම් ඉගෙන ගත්තේ පොඩි කාලේ ඉඳල. මම කවදාවත්ම සුශ‍්‍රැතය, චරකය කියවලා නෑ. මම මේ වෙදකම ඉගෙන ගත්තේ මගේ මිත්තණියගෙන්, කට පාඩම් කරලයි ඉගෙන ගත්තේ. මගේ මිත්තණිය රෝගීන්ට වෙදකම් කරන කොට මං
ඇයට සහාය වුණා. මගේ කේන්දරේ බලලයි මිත්තණිය මාව මේ වෙදකමට සම්බන්ධ කර ගන්නේ.
කේන්දරේ බලපුවම ඇය තේරුම් ගන්න ඇති නවගමුවෙ වෙද පරපුර මම ඉදිරියට ගෙන යාවි කියල.
